Headlines

ප්‍රාදේශීය පොලිස්  ඡායාරූප ශිල්පීන්ට නව කැමරා

– නිලුපුලී – පොලිස් කොට්ඨාස 37ක  ප්‍රාදේශීය පොලිස්  ඡායාරූප ශිල්පීන් වෙත නවීන කැමරා උපකරණ බෙදා දීම ඊයේ එනම් (ජූනි 13) දින පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී. එම උපකරණ භාවිතා කිරීම  සම්බන්ධයෙන් දෙදින වැඩමුළුවක් අපරාධ වාර්තා කොට්ඨාසයේදී අද සහ හෙට දෙදින පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

හම්බන්තොටට නව විදුලි බලාගාරයක්

– නිලුපුලී – මෙගාවොට් 500ක ධාරිතාවකින් යුතු විදුලි බලාගාරයක් හම්බන්තොට ඉදිකිරීමට රජය සැළසුම් කර ඇති බවත් එහි  ඉදිකිරීම් කටයුතු  නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකළ චීන සමාගම වෙත පැවරීමට අදහස් කරන බවත්  රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම චීන සමාගම වෙත  ආයෝජන කලාපයක් සඳහා හම්බන්තොට ප්‍රදේශයෙන් හෙක්ටයාර් 1000ක පමණ භූමි ප්‍රදේශයක් ලබාදීමට රජය සැලසුම් කර ඇති අතර…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රියදුරන් දෙදෙනෙක්

– නිලුපුලී – වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආණ්ඩුවෙන් නිල වාහනයක් ලබා දී ඇති අතර දැනට එක් රියදුරකු පමණක් සිටින බැවින්  ඉදිරියේදී  රියදුරන් දෙදෙනකු බැගින් ලබා දීමට රජය තීරණය කර තිබේ. මෙම වරප්‍රසාදය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ලබාදීමට රජය තීරණය කර ඇත.

Read More

ගුරු සේවා සංගමය විසින් පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහි නඩුවක්

– නිලුපුලී – ශ්‍රී ලංකා ගුරු සේවා සංගමය විසින්  දකුණු පළාත් ගුරු සේවය සඳහා අවිධිමත් අයුරින් පුහුණු  උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරන බව පවසා ඇත. උක්ත බඳවා ගැනීම් වලදී  ගුරු විභාගය සමත් උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බැවින් අදාළ කරුණ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද අද එනම් (ජුනි13) දිනයේ…

Read More

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට පළමු වරට ශ්‍රී ලාංකික තරුණයෙක්

-නිලුපුලී – එළඹෙන ජූලි මස 02 දා පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා පළමු වතාවට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් අසුනක් සඳහා තරඟ කිරීමට එරට කම්කරු පක්ෂයෙන් තරංග කිරීමට එහි වාසය කරන  ශ‍්‍රී ලාංකිකයෙකු වන ජගත් බණ්ඩාර දකුණු වේල්ස ශාඛාව වෙනුවෙන් නාමයෝජනා හිමිවී  තිබේ. එරට අඩු ආදායම්ලාභී කම්කරු ජනයාගේ වෘත්තීමය ගෞරවය ආරක්ෂා කරනු පිණිස ජගත් බණ්ඩාර පසුගිය කාලයේ කැපී…

Read More

බස්නාහිර සියළුම ත්‍රී රෝද ලියාපදිංචිය අනිවාර්ය කෙරේ

– නිලුපුලී – බස්නාහිර පළාත තුල ධාවනය වන  ලක්ෂ පහක් පමණ වන සියළු ම කුලී ත්‍රිරෝද රථ, ත්‍රිරෝද රථ නියාමන වැඩසටහන යටතේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යය කර ඇති බව පැවසු එම අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ ලියාපදිංචි වන කුලී ත්‍රිරෝද රථ සඳහා මාස තුනක කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන…

Read More

චීනයේ ෂැංහයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පිපිරීමක්

– නිලුපුලී – අද එනම් ( ජූනි 13)  චීනයේ ෂැංහයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඇති වූ  පිපිරීමකින් මේ වන විට පුද්ගලයින් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ගුවන්තොටුපළේ ගොඩබැසීමේ පර්යන්තය අසල ඇති පරීක්ෂා කිරීමේ කවුළුවක් අසලදී එක්  පුද්ගලයකු බෝතලයකට පුපුරන ද්‍රව්‍ය දමා එය විසිකර ඇති අතර  සිද්ධියත් සමගම  බෝතලය විසිකළ පුද්ගලයා පිහියකින් සිය ගෙලට…

Read More

කලකාරුවන් සහ මාධ්‍යවේදීන් සාමවිනිසුරු තනතුරෙන්  ලබයි 

– -නිලුපුලී –  ශ්‍රී ලාංකීය කලාව පෝෂණය කිරීමෙහි ලා ඇප කැප වූ සිනමාවේදීන්, ටෙලිනාට්‍යවේදීන්, නළු නිළියන්, ගායක ගායිකාවන් කාර්මික ශිල්පීන් ඇතුළු කලාකරුවන් හා ලාංකීය සමාජ සන්ධ්වනියේ ඉහලම ස්ථරයේ සිටින  ජනමාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ගේ හා මාධ්‍යවේදින්ගේ සේවය අගයමින් සමාජයේ ගෞරවනීය තනතුරක් වන  සාමවිසුරු පදවි ඔවුන්ට  පිරිනැමීමට රජය  තිරණය කර තිබේ. ජුනි 13 වෙනිදා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස…

Read More

තලංගම බෝම්බ පිපිරීමක් 

– නිලුපුලී – අද දින එනම් ( ජූනි 9 ) තලංගම පොලීසිය ආසන්නයේ සිදුවු බෝම්බ පිපිරිමක් හේතුවෙන්  තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවත් කුඩා ළමයෙක් තුවාල ලබා ඇති බවත් පොලිස් වාර්තා සඳහන් කරයි.

Read More

කොස්ගම  වැසියෝ අදත් උද්ගෝෂණයේ –  ගමනා ගමනය අඩාලයි 

– නිලුපුලී – සිය ඉල්ලීම්වලට බලධාරීන් අවධානය යොමු නොකරන බව සඳහන් කරන සාලාව විරෝධතාකරුවන් යළිත් අද දිනද (එනම් ජූනි 9)  හයිලෙවල් මාර්ගය  අවහිර කරමීන් විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.  මෙම හේතුවෙන් කොස්ගම  ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගයෙහි ගමන් ගන්නා වාහන  යළි සීමා කිරීමට සිදු වු බව පොලීසිය පවසයි.

Read More

පාසල් නිල ඇඳුම් වුචරයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය 

– නිලුපුලී –  පසුගිය  වර්ෂයේදී  ප්‍රථම වරට ක්‍රියාත්මක කරන ලද පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර ලබාදීම සාර්ථක වීම හේතුවෙන් එය අඛණ්ඩව ඉදිරි වර්ෂයේදීත් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.‍ වෙළෙඳ පොළේ රෙදිවල මිළ ගණන් වැඩිවීමට සාපේක්ෂව යම් අමතර අගයක් වවුචර් පතට එකතු කර රජයේ…

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන වාර්තාව ජනපතිට 

– නිලුපුලී – 2015 වර්ෂයේ  දෙසැම්බර් මස  සිට 2016 වර්ෂයේ පෙබරවාරි මස  දක්වා කාලය තුළ ව්‍යවස්ථා සභාව විසින් සිදුකරන ලද කාර්යභාරය පිළිබඳව තොරතුරු  ඇතුළත් නව යෝජනා කිහිපයක් ද ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීම…

Read More