මෙවර A/L විභාගයේදී ජංගම දුරකථන, ‘ස්‌මාර්ට් වොච්’ ළඟ තබා ගැනීමෙන් 5 වසරක විභාග තහනමක්
– නිලුපුලී – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී ජංගම දුරකථන, ‘ස්‌මාර්ට් වොච්’ ඇතුළු විද්‍යුත් උපකරණ භාවිත කරමින් හෝ ළඟ තබාගනිමින් විභාගවලට පෙනී සිටින අයදුම්කරුවන්ට පස් වසරක විභාග තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය. එවැනි අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ අසාදු ලේඛනගත කරන බව…
