Headlines

ජනපති ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප.ය පුංචි ඡන්දයට සැරසෙයි




–  නිලුපුලී –

ඉදිරි පළාත් පාලන මැතිවරණයට සූදානම් වන ආකාරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත හමුවක් ඊයේ එනම්  (ජූලි 19) රාති‍්‍ර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.

පළාත් පාලන මැතිවරණය 2017 වසරේ පළමු කාර්තුවෙදි පැවැත්වෙන බවද මෙහිදි ප්‍රකාශ වී ඇති අතර මෙහිදි ස්ථිර ලෙසම මීළඟ පළාත් පාලන ආයතන ඡන්දය ආසන ක‍්‍රමයට පවත්වන බව  ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ පක්‍ෂ කි‍්‍රයාකාරීන්  රැසක් මෙම අවස්ථාවට සහභාගී වි ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *