Headlines

රාජ්‍ය ඇමති වරුන්ට හිමි විෂය ගැසට් නිවේදනයෙන් වෙන් කරයි




– නිලුපුලී –
කැබිනට්‌ අමාත්‍යවරුන් විසින් රාජ්‍ය ඇමැතිවරුන්ට සිය අමාත්‍යාංශ සහ ඊට අනුබද්ධිත ආයතනවල විෂය පථයන් නිසි අයුරින් වෙන් කර නොදීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන් පත්ව සිටින අසීරුකම සැලකිල්ලට ගෙන රජය විසින් අදාළ විෂය පථයන් ගැසට්‌ නිවේදනයක්‌ මගින් ඇමතිවරුන්ට වෙන් කර දීමට තීරණය කර ඇත.මේ සම්බන්ධව පසුගිය දිනවල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර දීර්ඝ සාකච්ඡාවක්‌ ද පැවැත්වූ අතර
තමන්ට අවශ්‍ය විෂය පථයන් සහ ඒ සම්බන්ධව දැනට පවතින ගැටලු සහගත තත්ත්වයන් වහාම දන්වා එවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්  සියලුම රාජ්‍ය අමාත්‍යවරුන්ට ජූනි 01 දින ලි ඛිතව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *