Headlines

එප්පාවල ගින්නෙන් ලිපි ගොනු පිළිස්සුනත් එහි පිටපත් කොළඹ සුරක්ෂිතව  තිබෙනවා – පොස්පේට් සභාපති පවසයි




– නිලුපුලී –

අද එනම් (ජූනි 21) අළුයම  3.00ට පමණ  ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමෙහි එප්පාවල කාර්යාලය පරිශ්‍රයේ ඇති වූ ගින්නෙන් සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ50-60ත්  වන අතර ගින්නෙන්   ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් විනාශ වුණත් ඒ ලිපි ලේඛන අතර තිබෙන අත්‍යවශ්‍ය සියලුම ලිපි ලේඛන පිටපත් කොළඹ පිහිටි ප්‍රධාන  කාර්යාලයේ සුරක්ෂිතව ඇති බව ලංකා රාජ්‍යය පෝස්පේට් සමාගමේ සභාපති උපාලි අනුරාධ දිසානායක මහතා පවසයි.

ගින්නෙන් සැපයුම් අංශය, විගණන අංශය, ලේඛණාගාරය හා සේවක විවේකාගාරයට දැඩි හානි සිදුව ඇති අතර කාර්යාල තුළ තිබූ පරිගණක,කාර්යාල ගෘහ භාණ්ඩ, ලිපි ලේඛන, කාර්යාල උපකරණ විශාල ප්‍රමාණයක් විනාශ  වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *