Headlines

ජගත් සාගර දිනය අදයි 




– නිලුපුලී –
අද දිනට එනම් (ජූනි 8) වෙනිදාට යෙදී ඇති ජගත් සාගර දින ජාතික සැමරුම් උත්සවය “පිවිතුරු සයුරක් නිරෝගිමත් ලොවක්” තේමාව යටතේ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත් වීමට නියමිත බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙයට සමගාමීව අද දින ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් ද සංවිධානය කර ඇති අතර ඒ සඳහා පාසල් සිසුන් රාජ්‍ය නිළධාරීන් රාජ්‍ය නොවන සංවිධානවල නිළධාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු 1500 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *