Headlines

බස්නාහිර පළාත්සභා මන්ත්‍රී  රොජර් සෙනෙවිරත්නට වරෙන්තු 




– නිලුපුලී –
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්නට අද දින එනම්
( ජූනි 03) වරෙන්තු නිකුත් කර ඇත.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේදී ජගත් සංවිධානයේ මෙරට කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති අතර පැමිණිල්ල කැදවන අවස්ථාවේදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න පැමිණි නොසිටීම හේතුවෙන්  ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *