Headlines

කොළොන්නාව අපද්‍රව්‍ය ඉවත්කිරීමට මිලියන 18ක්




– නිලුපුලී –

ජල ගැලීම් හේතුවෙන් එක් රැස්වුණු අපද්‍රව්‍ය ඉවත්කිරීමට මිලියන 18ක මුදලක් කොළොන්නාව ප්‍රදේශය සඳහා  වෙන්කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා  අද එනම් (මැයි 31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය . ලැබුණු ආධාර මුදල් වෙනම ගිණුමක තැන්පත්කර ඇති බවත්,එකී ආධාරවලට තාමත් අත තබා හෝ නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළ අතර  අපද්‍රව්‍ය බැහැර කරලීම ඉමහත් ගැටළුවක් වී ඇති බැවින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශයද ඒකාබද්ධව මෙම අපද්‍රව්‍ය බැහැර කරලීමේ වැඩපිළි‍වෙළක් ක්‍රියාවට නංවා ඇති බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *