Headlines

මෙවර A/L  විභාගයේදී ජංගම දුරකථන, ‘ස්‌මාර්ට්‌ වොච්’ ළඟ තබා ගැනීමෙන් 5 වසරක විභාග තහනමක්




– නිලුපුලී –

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේදී ජංගම දුරකථන, ‘ස්‌මාර්ට්‌ වොච්ඇතුළු විද්‍යුත් උපකරණ භාවිත කරමින් හෝ ළඟ තබාගනිමින් විභාගවලට පෙනී සිටින අයදුම්කරුවන්ට පස්‌ වසරක විභාග තහනමක්‌ පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව  විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

එවැනි අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ අසාදු ලේඛනගත කරන බව ද ඉන්පසු ඔවුන් විභාග දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන කවර හෝ විභාගයක්‌ සඳහා වන අයදුම්පත් ඉබේම ප්‍රතික්‍ෂේප වන ක්‍රමවේදයක් ‌ සකස්‌ කර ඇතැයි ද ඒ මහතා කීවේය.

මෙවැනි දැඩි තීරණයක්‌ ගැනීමට හේතු වූයේ කිසිදු අක්‍රමිකතාවකින් තොරව සාධාරණ ලෙස විභාගයන්ට මුහුණදෙන අයදුම්කරුවන්ට අසාධාරණයක්‌ වීම වැළැක්‌වීම සඳහා යයි ද පුෂ්පකුමාර මහතා කීවේය.

විභාගවලදී අත්අඩංගුවට ගැනෙන සියලුම විද්‍යුත් උපකරණ රාජසන්තක කරන බව ද මේ වන විට විභාගවලට පෙනී සිටි අයදුම්කරුවන් ළඟ තිබූ ජංගම දුරකථන 300 ක්‌ පමණ රාජසන්තක කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *