Headlines

දරුණු සද්ධන්තයා වැල්ලවායෙදී 




– නිලුපුලී – 
වැල්ලවාය ප්‍රදේශයේ මහ වනයකදී  මනුෂ්‍ය ජීවිත  12 ක් විනාශ කළ දරුණු ගණයේ සද්ධන්ත වන අලියෙකු මහත් පරිශ්‍රමයකින් අනතුරුව නිර්වින්දනය කර අල්ලා  ගැනීමට වනජීවී නිලධාරීන්ගේ දකුණු පළාතේ අලි ඇල්ලීමේ කණ්ඩායම සමත් වී තිබේ.
මෙම වන අලියාගෙන් දිගින් දිගටම ඇති වන මරණීය තර්ජන පිළිබඳව  ප්‍රදේශවාසීන් විසින් වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මියට දැනුම් දී ඇති අතර  අමාත්‍යවරියගේ උපදෙස් මත පශු වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතාගේ මෙහෙයවීමෙන් 21 දෙනෙකුගෙන් සමන්විත අලි ඇල්ලීමේ වනජීවී කණ්ඩායම සද්ධන්තය අල්ලගේනීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *