Headlines

අපදා ඇතිවූ ප්‍රදේශ වල තත්වය සොයා බලන ලෙස ඇමතිවරුන්ට ජනපති උපදෙස් දෙයි 




– නිලුපුලී –
පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාව හේතුවෙන්  විපතට පත් ජනතාවගේ අවශ්‍යතා මෙන්ම ඔවුන් වෙනුවෙන් සලසා ඇති සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලීමට සතියකට වරක්වත් එම ප‍්‍රදේශවල සංචාරයක නිරතවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ඊයේ එනම් (ජුනි 01) පෙරවරුවේ කෑගල්ල නගර ශාලාවේ පැවති කෑගල්ල දිස්ති‍්‍රක් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ප්‍රකාශ කරන ලදි .එසේම නාය යාම් හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගෙන  එම  කටයුතු කඩිනම් කරන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය. එමෙන්ම එම ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකිරීමේ දී ගුණාත්මක භාවයකින් සහ උසස් ප‍්‍රමිතියකින් යුතුව එම නිවාස ඉදිකිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා කමිටුවක් පිහිටුවා එහි වාර්තාව දින තුනක් ඇතුළත තමා වෙත ලබාදෙන ලෙස ද පවසන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *