Headlines

වැඩ වර්ජනයට අපි නොසැලී මුහුණ දෙනවා – වෛද්‍ය පාලිත මහීපාල පවසයි




නිලුපුලී –

අද දින එනම් (මැයි 31) වැඩවර්ජනය  ක‍්‍රීයාත්මක වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී ඊයේ (මැයි 30) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ ය.රෝගී ජනතාව අපහසුතාවයට පත් නොකර  වැඩවර්ජනවල නිරත නොවන ලෙස  රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් ඉල්ලා සිටින බවත් ,මතුව ඇති ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත හැකි බවත් පැවසු ඔහු පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණය සකස් කිරීමේ දී අමාත්‍යවරාගෙන් කිසිදු බලපෑමක් ඇති නොවූ බව ද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *