Headlines

ප්‍රදීප් එක්නැලිගොඩ නඩුවේ ලුතිනන් කර්නල්ට ඇප




-නිලුපුලී –

ප්‍රදීප් එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් දෙවන සැකකරු ලෙසින්  සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි  ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුව  රුපියල් ලක්ෂ 20ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර ඇත .

ඔහුට සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කැරුණු අතර විදෙස් ගමන් ද තහනම් කර තිබේ.

ඊළඟ නඩු විභාගය ජූනි 7 වන දිනට  කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *