Headlines

ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්ෂාව අතිශයින්   ශක්තිමත් ජනපති ජපානයේදී කියයි




– නිලුපුලී –

ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්ෂාව  කිසිදු අයුරකින් දුර්වල වී නොමැති බවත් එය අතිශයින් ශක්තිමත් බවත් පසුගියදා (27) ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් සමග  නගෝයා නගරයේදී පැවැත්වුණු හමුවේදී ජනාධිපතිතුමා   අවධාරණය කළේය. පටු සහ අවස්ථාවාදී දේශපාලන බලවේගයන් විසින් සිදුකරන ව්‍යාජ  ප්‍රචාරවලට නතු නොවන  ලෙස මෙහිදී එම ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා  තම උපන් දේශය දෙස සුබවාදී ආකල්ප පෙරදැරිව බලමින් එය ගොඩනැගීමට දායකවන ලෙසඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *