Headlines

කොළොන්නාව  පිරිසිදු කිරීමේ කටයුතු වලට අත දුන් ඇමති රිෂාඩ්




-නිලුපුලී –

ගංවතුරෙන් හානියට පත් වැල්ලම්පිටිය කොළොන්නාව සහ බුත්ගමුව ප්‍රදේශ වල ගංවතුර බැස යාමත් සමග මේ වන විට පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන අතර බොහෝ වාරයක් එහි සංචාරය කළ ඇමති රිෂාඩ් ඊයේ එනම් (26)  දිනද එම පිරිසිදු කරන ප්‍රදේශයන් හී  නිවැසියන් වෙත ගොස් ඔවුන්ට පිරිසිදු කිරීමට අවශ්‍ය  උපකරණ සහ මුදල්මය ආධාර ලබා දුන් අතර කොළොන්නාව ප්‍රදේශයේ මග දෙපස එකතු වී ඇති කැලිකසළ හැකි ඉක්මනින් ඉවත් කොට ජනතාවගේ සනීපාරක්ෂාව සලසන මෙන් අදාළ  පළාත් පාලන අධිකාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.එසේම හානියට පත්ව ඇති දේපළ  සඳහා වන්දි ලබා ගැනීමේ පහසුව පිණිස අගතියට පත්වූවන් ලියාපදිංචි කරන ලෙස අදාළ  ප්‍රදේශයන්හී ග්‍රාමසේවක වරුන් දැනුවත් කරන මෙන් ඔහු විසින් බලධාරීන් ට පවසන ලදී.

mekoda1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *