Headlines

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරපුර පාසල් 13 වසා  දැමේ




– නිලුපුලී –

 ජූනි මස අනුරාධපුරයෙහි පැවැත්වීමට නියමිත පොසොන් උත්සව රාජකාරි කටයුතු ආවරණය කිරීමට පැමිණෙන ආරක්ෂක නිලධාරින් සඳහා  නවාතැන් පහසුකම් ලබාදිමට අනුරාධපුර සහ මිහින්තලයේ පාසල් දහතුනක් ජුනි 16 දින සිට 22 දින දක්වා වසා දමන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කර ඇත .

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර සවර්ණපාලි බාලිකා විද්‍යාලය,ශාන්ත ජෝශප් විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවන්තක චේතිය මහා විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, තන්තිරිමලේ ඥාණවිමල මහා විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය, මිහින්තලේ කනිෂ්ඨ විද්‍යාලය සහ මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය එලෙස වසා දැමෙන් පාසල් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *